Home » රාජ්‍ය අවදානමට ලක්වුවහොත් න්‍යෂ්ටික අවි භාවිත කරනවා – පුටින්

රාජ්‍ය අවදානමට ලක්වුවහොත් න්‍යෂ්ටික අවි භාවිත කරනවා – පුටින්

by Mahesh Lakehouse
March 16, 2024 12:30 am 0 comment

රුසියානු රාජ්‍යයේ පැවැත්මට තර්ජනයක් එල්ල වුවහොත් න්‍යෂ්ටික අවි භාවිත කිරීමට මොස්කව් පාලනය පසුබට නොවන බැව් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවධාරණය කරයි. නමුත් “එවැනි අවශ්‍යතාවයක් කිසිදාක පැන නොනැගුණේ” යැයි ජනාධිපති ව්ලැදිමීර් පුටින් එරට රාජ්‍ය මාධ්‍ය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ ය.

රුසියානු නායකයා මාර්තු 15 වන දින ජනාධිපතිවරණයට පෙර රොසියා 1 සහ ආර්අයිඒ නොවෙස්ටි මාධ්‍ය ආයතන සමඟ සාකව්ඡාවකට එක්වීය. පුටින් මෙවර ජනාධිපතිවරණයේ දී පස්වන ධුර කාලයක් සඳහා ජනවරමක් දිනාගනු ඇතැයි අපේක්ෂා කරන අතර, යුක්රේනයේ ඔහුගේ මහා පරිමාණ යුද්ධය තුන්වන වසර දක්වා ගමන් කරමින් තිබේ.

අමෙරිකා එක්සත් ජනපද හමුදා යුක්රේනයට යෙදවුවහොත් රුසියාව ඔවුන් අනවශ්‍යය මැදිහත්කරුවන් ලෙස සලකන බවට පුටින් අනතුරු ඇඟවීය.

රුසියානු ගිනි අවි නිපැයීම පිළිබඳ නේටෝ ඔත්තු සේවා ඇස්තමේන්තු කර ඇති අන්දමට රුසියාව එක්සත් ජනපදයට හා යුරෝපයට වඩා තුන් ගුණයකට ආසන්න කාලතුවක්කු උණ්ඩ ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමට නියමිත බැව් පෙනේ. රුසියානු කාලතුවක්කු කර්මාන්තශාලා පැය විසිහතර පුරාවට අවි නිපදවීම් සිදු කරන බැව් නේටෝ නිලධාරියෙක් සීඑන්එන් ප්‍රවෘත්ති සේවාවට ප්‍රකාශ කර ඇත.

මේ අතර, යුක්රේනයට අවි ආම්පන්න සඳහා එක්සත් ජනපද ආධාර අවශ්‍යව ඇති අතර, යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පවසන්නේ එසේ නොවුණහොත් “මිලියන ගණනක්” මිය යා හැකි බවයි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division