Home » ගාසා තීරයේ මරණ සංඛ්‍යාව 30,000 ඉක්මවයි

ගාසා තීරයේ මරණ සංඛ්‍යාව 30,000 ඉක්මවයි

by Mahesh Lakehouse
March 9, 2024 12:30 am 0 comment

ගාසාහි යුද්ධයෙන් මියගිය සංඛ්‍යාව මේ වන විට 30,000 ඉක්මවා ඇත.එළඹෙන සාගතයක් පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු හඟවා ඇති අතර, විජලනය සහ මන්දපෝෂණය හේතුවෙන් ළදරුවන් හය දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වේ. ගාසා තීරයට ආධාර ලබාදීම සහ ඒවා බෙදා හැරීම වළකාලීමට අමතරව, ඊශ්‍රායලය හමුදා බලය යොදවා සිටින පලස්තීන භූමි ප්‍රදේශවල සේවය කරන මානුෂීය සංවිධානවල ජාත්‍යන්තර කාර්ය මණ්ඩලයට වීසා නිකුත් කිරීම ද නවතා දමා ඇති බව වාර්තා වේ. ගුවන් ප්‍රහාරවලින් සාමාන්‍ය වැසියෝ දහස් ගණනක් අවතැන්ව සිටිති.

ගාසා තීරයේ පලස්තීනුවන් සාගින්නෙන් පෙළෙන බවට දකුණු අප්‍රිකාව සිය අයදුම්පත්‍රය මගින් අනතුරු හැඟවූ අතර, සියලු පාර්ශ්ව සතුරුකම් නතර කර සියලු ප්‍රාණ ඇපකරුවන් සහ රැඳවියන් නිදහස් කරන ලෙස නියෝග කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division