Home » ගෝලීය වෙළ­ඳාම අන­තුරේ

ගෝලීය වෙළ­ඳාම අන­තුරේ

by gayan
December 16, 2023 12:30 am 0 comment

ලෝකයේ වෙළඳ පද්ධ­තිය බොහෝ දෙනා කල්පනා කර­න­වාට වඩා බෙහෙ­වින් බිඳෙන සුළුය. කුරුස යුද්ධ සහ බ්‍රිතා­න්‍යයේ, අත්ලා­න්තික් සාග­රයේ සටන ඇතුළු වෙළෙඳ ව්‍යස­නය පිළි­බඳ සියුම් ඉතිරි වූ මත­ක­යක් අපට ඇත. කෙසේ වෙතත්, ගෝලීය වෙළ­ඳා­මෙන් සිය­යට 95 ක් පමන මුහු­දෙන් සිදු වන පසු­බි­මක් තුළ, අප කෙත­රම් අව­දා­න­මට ලක්ව සිටි­න­වාද යන්න අපි නොද­නිමු. ගාසාහි සටන කලා­පීය ගැටු­මක් බවට පත්වීමේ අව­දා­නම් සහ­ගත තත්වය තුළ අපි නොප­මාව මේ යථා­ර්ත­යට මුහුණ දිය යුතුය. ලෝක වෙළ­ඳා­මෙන් සිය­යට 90 ක් ගමන් කරන රුධිර ධමනි ක්‍රම­යෙන් අව­හිර වෙමින් පවතී. ඇතැම් විට මෙය ස්වභා­වික බල­වේ­ග­යන්ගේ ප්‍රති­ඵ­ල­යකි. මුහුදේ ව්‍යාපාර කිරීමේ අවා­ස­නා­වන්ත හා නොවැ­ළැ­ක්විය හැකි අව­දා­න­මකි. කෙසේ වෙතත්, ලොව විවිධ කලාප තුළ, වර්ධ­නය වන භූ දේශ­පා­ලන ආත­තීන් හමුවේ ගෝලීය වෙළෙ­දාම අව­දා­න­මට ලක් වෙමින් පවතී.
ලෝකයේ නැව්ගත කිරීම් සාග­රයේ මර්ම­ස්ථාන (chock points) කිහි­ප­යක් ඔස්සේ දිව යයි. මේවා එකින් එක වැසී යාමේ අව­දා­න­මක් දැන් දැන් උද්ග­තව තිබේ. දැන් ලැයි­ස්තුවේ ඉහ­ළින්ම සිටින්නේ යේම­නය, ජිබුටි සහ එරි­ත්‍රි­යාව අතර රතු මුහුදේ පහ­ළින් පිහිටා ඇති බාබ්-එල්- මන්ඩෙබ් නොහොත් වේද­නාවේ දොර­ටු­වයි (Gate of Grief). මේ වසරේ ඔක්තෝ­බර් 7 දා සිට, වයඹ දිග යේම­නයේ ඉරා­නයේ ඉරා­නයේ සහාය ලත් හවු­ති­වරු නාවික යාත්‍රා­ව­ලට ගොඩ­වීම, මිස­යිල ප්‍රහාර සහ සිවිල් නැව් ගම­නා­ග­ම­න­යට ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීම ඇතුළු ප්‍රහාර මාලා­වක් දියත් කර ඇත. මේ දක්වා නැව් හත­ර­කට මිස­යිල ප්‍රහාර එල්ල වී ඇති අතර, නෝර්වේ­ජි­යානු එම්ටී ස්ට්‍රින්ඩා නෞකාව මේ සතියේ ප්‍රහා­ර­ය­කට ගොදුරු විය. පෙර දිනයේ තවත් මුහුදු කොල්ල­කෑමේ උත්සා­හ­යක් ව්‍යර්ත කරනු ලැබූයේ ඉන්ධන ටැංකි­යක නැඟී සන්නද්ධ ආර­ක්ෂ­ක­යන් කුඩා බෝට්ටු­වක් සමඟ වෙඩි හුව­මාරු කර ගැනී­මට පින්සි­දු­ව­න්නට ය. වාස­නා­ව­කට මෙන්, තව­මත් කිසි­ව­කුට හානි­යක් සිදුවී නොමැත. කෙසේ වෙතත්, මෙය දිග­ටම පැව­තු­ණ­හොත්, නුදු­රේදී නැවක් ගිලී යා හැකි අතර නැවි­යන් ද මිය යනු ඇත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division