Home » කාන්තාරයෙන් සොයා ගැනුණු රන් පිරවූ නෞකාව

කාන්තාරයෙන් සොයා ගැනුණු රන් පිරවූ නෞකාව

by gayan
December 16, 2023 12:30 am 0 comment

වසර පන්සියයකට පෙර අතුරුදන් වූ නෞකාවක්, රන් කාසි ද සමඟින් නිරිතදිග අප්‍රිකාවේ කාන්තාර ප්‍රදේශයකින් සොයා ගැනීමට පුරාවිද්‍යාඥයෝ සමත් වෙති. බොම් ජීසස් (Bom Jesus) (ජේසු දෙවිඳුන්) යනු 1533 මාර්තු 7 වැනි සිකුරාදා පෘතුගාලයේ ලිස්බන් අගනුවර සිට යාත්‍රා කළ පෘතුගීසි යාත්‍රාවකි. නැමීබියාවේ කාන්තාරයක වෙරළාසන්නයේ, 2008 වසරේ සිදු කෙරුණු දියමන්ති කැණීමකදී එහි නටබුන් සොයා ගන්නා තෙක් එම නෞකාවේ ඉරණම කිසිවෙකු දැන නොසිටියහ. දරුණු කුණාටුවකට හසුවී එම නෞකාව ගිලී යන විට එය රන් හා තඹ කැට වැනි නිධන් පටවා ගෙන ඉන්දියාවට යාත්‍රා කරමින් සිටියේය. පිරිසිදු රන් කාසි දෙදහසක් සහ තඹ පවුම් දස දහස් ගණනක් බොම් ජීසස් මත තිබී සොයා ගන්නා ලදි.

නැමීබියාවේ වෙරළට ඔබ්බෙන් ඇති වූ කුණාටුවක් හමුවේ වෙරළට ඉතා සමීපව යාත්‍රා කරමින් තිබිය දී බොම් ජීසස් නෞකාව ගිලී ගිය බවත්, නෞකාවේ බඳ පර්වතයක ගැටීම හේතුවෙන් නැව පෙරළී ගොස් ඇති බවත් පුරාවිද්‍යාඥයෝ අනුමාන කරති. වෙරළ තීරයේ ජලය බැස යන විට, බොම් ජීසස් නෞකාව කාන්තාරයේ යළි මතු විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division