Home » වහල් වෙළඳාමට ලංසුවක්

වහල් වෙළඳාමට ලංසුවක්

by gayan
December 16, 2023 12:30 am 0 comment

බාබේඩියානු අගමැතිනි මියා මොට්ලි විසින් හිටපු වහල් හිමිකාරී ජාතීන්ගෙන් ඩොලර් ට්‍රිලියන 5කට ආසන්න වන්දියක් තම රටට ලබා දෙන ලෙස කළ ඉල්ලීම සියවස් ගණනාවක වහල්භාවයේ සහ යටත් විජිතවාදයේ උරුමය පිළිබද ගැටලුවට ආමන්ත්‍රණය කිරීමේ නව පෙලඹවීමක් ඇති කරයි.

බ්‍රැට්ල් සමූහය නමැති ආයතනය විසින් ජුනි මාසයේදී නිකුත් කරන ලද වාර්තාවකට අනුව වහල් වෙළෙඳාමේ නිරත සහ ගමනාන්ත රටවලින් බාබඩෝස් රාජ්‍යයට අවම වශයෙන් ඩොලර් ට්‍රිලියන 3.5 ක වන්දියක් හිමිවිය යුතුව ඇති බවයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය වෙත 2019 වසරේදී වාර්තාවක් නිකුත් කරමින්, ජාතිවාදය පිළිබඳ එවක එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත, ටෙන්ඩායි අෂියුම්, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතිය යටතේ, අපයෝජනවලට ගොදුරු වූවන්ට වන්දි ඉල්ලා සිටීමේ අයිතියක් ඇති බව සඳහන් කළ අතර, වහල්භාවය සහ යටත්විජිතවාදයට පදනම් වූ වාර්ගික අසමානතාව, වෙනස් කොට සැලකීම සහ කිසියම් ජනකායක් යටත් කිරීම යනාදී පෙර වැරදිවලට අදාළ “ව්‍යුහාත්මක ප්‍රවේශයක්” ගොඩනැඟිය යුතු බව කියා සිටියේය. පෙර වන්දි වැඩසටහන් ක්‍රියාත්මක වූයේ වහල්භාවයට පත්වූවන්ට වඩා හිටපු වහල් හිමියන්ට වන්දි ගෙවීමේ නැඹුරුවක් ඇති පරිදිය. 1833 දී, එක්සත් රාජධානිය වහල්භාවයට පත් අප්‍රිකානුවන් නිදහස් කරන තම රටේ පවුල්වලට සිය වාර්ෂික අයවැයෙන් 40%ට සමාන මුදලක් ගෙවූ අතර, වහල්භාවය ස්ථිරවම තහනම් කළ පළමු ජාතිය වන හයිටි රාජ්‍යයට ප්‍රංශ වහල් හිමියන් සහ ඔවුන්ගෙන් පැවත එන අයට ඩොලර් බිලියන 30ක් ගෙවීමට සිදු විය.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division