Home » ගාසා සංග්‍රාමය සහ බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ සදාචාරාත්මක උභතෝකෝටිකය

ගාසා සංග්‍රාමය සහ බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ සදාචාරාත්මක උභතෝකෝටිකය

by gayan
December 16, 2023 12:30 am 0 comment

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට බෝම්බ හෙලීම සහ එය මුළුමනින්ම වටලෑම ආරම්භ කොට ගතවූ මාස දෙක තුළ, එම වෙරළාශ්‍රිත ප්‍රදේශයේ වෙසෙන මිලියන 2.3ක ජනගහණයෙන් 85% ක් පමණ අවතැන් ව සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, 18,000කට වැඩි පිරිසක් ප්‍රහාරවලින් මිය ගොස් ඇත – ඔවුන්ගෙන් 70%ක් පමණ කාන්තාවෝ සහ ළමයි වෙති. තවත් බොහෝ දෙනෙක් ගොඩනැඟිලිවල සුන්බුන් යට සිරවී සිටිනු ඇතැයි අනුමාන කෙරේ. ගාසා හි සෞඛ්‍ය සේවා පද්ධතිය මුළුමනින්ම පාහේ බිඳ වැටී ඇත. ගාසා වැසියන් සෑම කෙනෙකුම පාහේ කුසගින්නෙන් රාත්‍රි නින්දට යන අතර බොහෝ දෙනෙක් ආහාර නොමැතිව මුළු දවසම ගත කරන බව තක්සේරු මගින් හෙළි වී තිබේ.

හමාස් සටන්කාමීන් ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් 1,200ක් පමණ මිය ගිය අතර, ඔවුන්ගෙන් වැඩි දෙනෙක් සිවිල් වැසියන් බව ඊශ්‍රායල රජය කියයි. ඔක්තෝබර් 27 වන දින ආරම්භ වූ ඊශ්‍රායල ගොඩබිම් ආක්‍රමණය මේ වන විට දකුණු ගාසා තීරය දක්වා ව්‍යාප්ත වෙමින් පවතී. ඒ සමඟ අවතැන් වූ ලක්ෂ සංඛ්‍යාත ජනයා කුඩා ප්‍රදේශවල පොදිකමින් සිටිති. ගාසා තීරයේ මානුෂීය සහන ප්‍රයත්න මුළුමනින්ම පාහේ ඇනහිට ඇත. ගාසා තීරයේ කිසිදු ස්ථානයක් ආරක්ෂිත නොවන බවට එක්සත් ජාතීන්ගේ නිලධාරීන් නැවත නැවතත් අනතුරු අඟවයි. මෙම ආන්තික තත්වයන් මධ්‍යයේ, ගාසාහි “සිවිල් සාමය බිඳ වැටෙමින් තිබේ”, යැයි පලස්තීන සරණාගතයන් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සියේ (UNRWA) ගාසා අධ්‍යක්ෂ අනතුරු අඟවයි. එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ කලාතුරකින් භාවිත කරන ලද 99 වැනි වගන්තිය බලාත්මක කරමින් වහාම සටන් විරාමයකට එළඹෙන ලෙස ආරක්ෂක මණ්ඩලයට බල කර සිටී. නමුත් එක්සත් ජනපදය එම උත්සාහය ද අවහිර කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Nuwan   +94 77 727 1960
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division