තරුණයෙකුට මරු කැදවූ මල්වෙඩිල්ල | සිළුමිණ

තරුණයෙකුට මරු කැදවූ මල්වෙඩිල්ල

තඹුත්තේගම තේක්කවත්ත ප්‍රදේශයේදී මල්වෙඩිල්ලක් දැල්වීමට යාමේදී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.
 
සිය නිවස ආසන්නයේ පැවති මංගල උත්සවයක් අතරතුර ඊයේ(26) රාත්‍රියේ දී අදාළ පුද්ගලයා මෙම අනතුරට ලක්වී ඇත.
 
මංගල උත්සවයේ මල්වෙඩි දල්වමින් සිටින අතරතුර එක් මල්වෙඩිල්ලක් නොදැල්වීම හේතුවෙන් එය පරීක්ෂා කර යළි දැල්වීමට යාමේදී මල්වෙඩිල්ල පත්තු වී හිසේ වැදීමෙන් ඔහු අනතුරට ලක්ව ඇතැයි පොලිසිය සදහන් කරයි.
 
බරපතළ තුවාල සිදුවූ 31 හැවිරිදි එම පුද්ගලයා තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
 
සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි. 

Comments