BOI ඉලක්කය ඩොලර් බිලියන 2ක් | සිළුමිණ

BOI ඉලක්කය ඩොලර් බිලියන 2ක්

පසුගිය 2022 වසරේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1,076ක් වටිනා ඍජු විදේශීය ආයෝජන ශ්‍රී ලංකාවට ලැබී ඇති අතර, 2023 වර්ෂය අවසාන වන විට එය 20%ක වර්ධනයක් බවට පත් වනු ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පවසයි.

මේ වන විටත් සමාගම් 50ක් ප්‍රති ආයෝජනයට එක්ව ඇති අතර, මේ වසරේ දී සෘජු විදේශ ආයෝජන ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක ඉලක්කයක් වන බව, ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පැවසීය.

ශ්‍රී ලංකාවට පැමිණෙන ආයෝජකයන් මුහුණපාන ප්‍රධාන ගැටලුව වන, ආයෝජන අනුමැතීන් සඳහා සති ගණන් ගත වූ යුගය අවසන් කරන බවත්, ජනාධිපතිතුමාගේ උපදෙස් අනුව විශේෂ අධීක්ෂණ කමිටුවක් මඟින් එම ආයෝජන අනුමැතීන් කඩිනම් කරන බවත් ඔහු පෙන්වා දෙයි. මේ වසරේ 45වැනි සංවත්සරය සමරන ආයෝජන මණ්ඩලය යටතේ මේ වන විට ඍජු රැකියා අවස්ථා ලක්ෂ 5ක්ද ඒ ආශ්‍රිත සේවාවන් හි මිලියන 1.5 කට අධික වක්‍ර රැකියා ප්‍රමාණයක් උත්පාදනය වී තිබේ.

Comments