කහවත්තේ ආනන්ද හිමිට සංඝනායක ධූරයක් | සිළුමිණ

කහවත්තේ ආනන්ද හිමිට සංඝනායක ධූරයක්

පස්සර, බිබිලේගම ශ්‍රී මංගල බෝධිරාජාරාමාධිපති විශ්‍රාමලත් විදුහල්පති ශාස්ත්‍රපති පූජ්‍ය කහවත්තේ ආනන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශ්‍යාමෝපාලිවංශික මහනිකායේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝසභාව මඟින් "සාසන කීර්ති ශ්‍රී සෝමරතන" ගෞරව නාම සම්මුතිය සහිත "ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක" පදවිය පිරිනමා ඇත. ජාතික, ආගමික, සමාජික සංස්කෘතික හා විශේෂයෙන් ඌව පළාතට බාහිර උපාධිධාරීන් බිහි කිරීම ඇතුළු අධ්‍යාපනික යන සේවාවන් රාශියක් ඉටු කිරීම නිසා සංඝ සභාව මෙම පදවිය පිරිනමා ඇත. ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය මැයි 25 බ්‍රහස්පතින්දා කෝට්ටේ රජමහා විහාරස්ථ සිරිමංගල උපෝසථාගාරයේදී සිදු කෙරේ. නාහිමියන් පිළිගැනීමේ උත්සවය 28 ඉරිදා පස්සර බිබිලේගම ශ්‍රී මංගල බෝධිරාජාරාම විහාරස්ථානයේදී සිදු කෙරේ.

Comments