මාරුවීම් බලාපොරොත්තු වූ ගුරුවරුන්ට දැනුම් දීමක් | සිළුමිණ

මාරුවීම් බලාපොරොත්තු වූ ගුරුවරුන්ට දැනුම් දීමක්

ප්‍රාථමික ගුරුවරුන්ගේ මාරුවීම් ලිපි අද (21) තැපැල් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසයි. 
 
අමාත්‍යවරයා මේ බව ප්‍රකශ කලේ අද(21) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්ය. 
 
දරුවන්ගේ අධ්‍යාපනයට බලපාන ගුරු මාරුවීම් ඇත්නම් ඒ සඳහා අභියාචනා ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දෙන බවද අමාත්‍යවරයා පැවසීය. 
 
පසුගිය වසර තුනක කාලයට අදාළව මේ වනවිට ගුරු මාරුවීම් 8,893ක් අනුමත වී ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. 
 

Comments