විනිමය කළු කඩයේ ඩොලරයේ මිල 270ට බහී | සිළුමිණ

විනිමය කළු කඩයේ ඩොලරයේ මිල 270ට බහී

පිටකොටුව, වැල්ලවත්ත, ගාල්ල, බෙන්තොට හා බේරුවල විනිමය හුවමාරු කළු කඩවල පසුගිය සිකුරාදා (10) වෙ‍ෙළඳපළ ගනුදෙනු නිමාවන අවස්ථාවේ අමෙරිකානු ඩොලරයකට ගෙවන මුදල රුපියල් 270ක් වු බව විනිමය තැරැව්කරුවකු 'සිළුමිණ'ට පැවසීය.

පසුගිය දින කිහිපය මුළුල්ලේම රුපියලේ අගය ඉහළ යාම හේතු කොටගෙන දෛනිකව ඩොලරයේ අගය පහත වැටුණු අතර සිකුරාදා පස්වරුවේ එහි අවම අගය ඉහත ආකාරයෙන් වාර්තා වු බව ඉහත ප්‍රකාශකයා තවදුරටත් සඳහන් කළේය.

Comments