සූර්ය බල විදුලි ව්‍යාපෘතියක් බෞද්ධ මහා සම්මේලනයෙන් ඇරැඹේ | සිළුමිණ

සූර්ය බල විදුලි ව්‍යාපෘතියක් බෞද්ධ මහා සම්මේලනයෙන් ඇරැඹේ

නාධිපති ලේකම් කාර්යාලය, බුද්ධ ශාසන අමාත්‍යංශයේ තිරසාර සංවර්ධන සභාව හා එක්ව ජන කේන්ද්‍රීය හරිත ආගමික ආයතන පිහිටුවීමේ සංකල්පය මත මෙරට පූජනීය ස්ථාන ආශ්‍රිතව ක්‍රියාත්මක කරන ආලෝකා උදපාදි සූර්ය බල විදුලිය ජනනය කිරීමේ වැඩසටහන යටතේ නියමු ව්‍යාපෘතියක් ලෙස සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය මඟින් සම්මේලන භූමියේ සූර්ය බල විදුලිය ජනනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා තිබේ.

නියමු ව්‍යාපෘතිය කොළඹ බෞද්ධාලෝක මාවතේ පිහිටි සම්මේලන මූලස්ථානයේ ආරම්භ කර රටපුරා පිහිටි සම්මේලනයට අයත් නිවාස ආශ්‍රිතවද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

Comments