එකම පවුලේ 3ක් ගින්නෙන් මරුට | සිළුමිණ

එකම පවුලේ 3ක් ගින්නෙන් මරුට

අනුරාධපුර, ඇලයාපත්තුව පොලිස් වසමට අයත් මහමාන්කඩවල, වැවපාර නිවසක පසුගිය සිකුරාදා අලුයම ඇති වූ හදිසි ගින්නක් හේතුවෙන් එකම පවුලේ මව, දියණිය හා පුතා පිලිස්සී මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ නිශාන්ති හේමලතා (30) මව හා ඇගේ දියණිය වන ජයරත්නගේ හංසකා ප්‍රබෝදනි (10) ඇයගේ පුතා වන ජයරත්නගේ විනුජ නවෝද් ජයරත්න (05) තිදෙනාය. මෙම නිවසට වෙනත් නිවසකින් විදුලි රැහැන් ඇද විදුලිය ලබාගෙන තිබු බවත් එම කාමරයේ පෙට්‍රල් බූලියක් තිබු බවත් සිදුකළ මූලික පොලිස් පරීක්ෂණයේදී අනාවරණය වී තිබේ.

තිසර සමල් - අනුරාධපුර

Comments