විදේශ ඇමති සබ්‍රි සෞදි අරාබියේ සංචාරයක | සිළුමිණ

විදේශ ඇමති සබ්‍රි සෞදි අරාබියේ සංචාරයක

සෞදි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා සෞදි අරාබි රාජධානියේ නිල සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කරයි. 
 
ඒ් අනුව ලබන සදුදා( 23) සිට 27වැනිදා දක්වා විදේශ කටයුතු අමාත්‍යවරයා මෙලෙස නිල සංචාරයක නිරතවේ.
 
අලි සබ්‍රි අමාත්‍යවරයා එහි දී විදේශ අමාත්‍ය ෆර්හාන් අල් සවුද් හමුවීමට නියමිත අතර සුහද ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කර ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය. 
 
එසේම ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයා ඉස්ලාමීය සංවර්ධන බැංකුව, ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය, ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ මක්කම සහ මදීනා ආණ්ඩුකාරවරුන් ද හමුවීමට නියමිත බව සදහන් වේ.

Comments