එක්සත් ජන­පද - ශ්‍රී ලංකා වසර 75 සබ­ඳ­තා­වට සමුද්‍ර අභ්‍යා­ස­යක් | සිළුමිණ

එක්සත් ජන­පද - ශ්‍රී ලංකා වසර 75 සබ­ඳ­තා­වට සමුද්‍ර අභ්‍යා­ස­යක්

එක්සත් ජනපද නාවික හමුදාව සහ මැරීන් බලකාය පසුගියදා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමඟින් ඒකාබද්ධ, ද්විපාර්ශ්වික සමුද්‍ර අභ්‍යාසයක් ආරම්භ කරන ලදී.

CARAT/MAREX Sri Lanka නමින් යුත් ඒ හරහා කලාපීය ආරක්ෂක සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම, සමුද්‍රීය හවුල්කාරිත්වයන් පවත්වා ගෙන යෑම සහ ශක්තිමත් කිරීම සහ සමුද්‍රීය අන්තර් ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කිරීම සඳහා සැලසුම් කර ඇත. එය ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර සිදු කෙරෙන ද්විපාර්ශ්වික අභ්‍යාසයකි.

එම අභ්‍යාසයට ජපාන සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකායේ සහ මාලදිවයිනේ ජාතික ආරක්ෂක බලකායේ සහභාගිවන්නන්ද ඇතුළත් වන අතර එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සහ හවුල්කාරිත්වයේ 75 වන සංවත්සරයට සමගාමීව මෙය පැවැත්වේ.

කොළඹ වරාය පරිශ්‍රයේ පැවැති අභ්‍යාසයේ ආරම්භක අවස්ථාවේදී නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් ප්‍රදීප් රත්නායක සහ ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා දූත මණ්ඩල ප්‍රධානී හා 7 වන ඩිස්ට්‍රෝයර් බලඝණයේ නියෝජ්‍ය අණදෙන නිලධාරී, කපිතාන් සීන් ලුවිස් විසින් සමරු තිළිණ හුවමාරු කරගත් අවස්ථාව මෙහි වේ.

 

Comments