රුක්මනිදේවිය ඉපදුණු පෙරට්ටාසි පැරණි රෝහල | සිළුමිණ

රුක්මනිදේවිය ඉපදුණු පෙරට්ටාසි පැරණි රෝහල

රුක්මනිදේවිය ඉපදුන බවට කියවෙන වසර 11ක් වසා දැමූ තිබූ පෙරට්ටාසි පැරණි රෝහලත් මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ නිරීක්ෂණයට ලක් විය
 
නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොත්මලේ කලාපයේ දුෂ්කර ගම්මානයක් ලෙසින් හදුන්වන පෙරට්ටාසි ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතා පසුගිය දිනක (27) සිදුවිය.
 
එහිදී එම ගම්මානයේ ජනතාව මුහුණ දෙනු ලබන බස් රථ ගැටලුව, මහා මාර්ග ගැටලුව, මාතෘ සයනයක අවශ්‍යතාව වැනි ගැටලු සම්බන්ධයෙන් පළාත් ආණ්ඩුකාරවරයා සිය අවධානය යොමු කර ඇත. 
 
වසර 11ක කාලයක් වසා දමා ඇති පෙරට්ටාසි පැරණි රෝහල නිරීක්ෂණය  කිරීමට ද එම මහතා කටයුතු  කර තිබුණු අතර එම රෝහලේ ලිපි ලේඛන අතර රුක්මණී දේවියගේ උප්පැන්න සහතිකය තිබුන බවට විශ්වාස කරන අතර රාවනාගේ කරත්ත පාර , ගැරඬි ඇල්ල ආදී සංචාරක ආකර්ෂණ රැසක් මෙම ගම්මානය සතුව ඇත.

Comments