
විද්‍යා දැනුම සොයා යන ජනතාව වෙනුවෙන් ත්‍රෛයිභාෂිකව නිකුත් වන විද්‍යා විෂය පිළිබඳ ඊ පුවත් පත නොවැම්බර් 25වැනි දා අන්තර්ජාලයට උත්සවාකාරයෙන් මුදා හරින ලදී.
අධ්‍යාපන අමාත්‍යංශයේ පර්යේෂණ හා නව නිපැයුම් අංශය සහ සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ රාජ්‍ය සබඳතා දෙපාර්තමේන්තුව හා එක්ව මෙම පුවත්පත නිකුත් කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශයේ පර්යේෂණ හා නව නිපැයුම් අංශයේ අතිරේක ලේකම් නදීකා වටලියැද්ද සහ ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් සහ ලේක්හවුස් සභාපති අනූෂ පැල්පිට විසින් එම ඊ විද්‍යා පුවත් පත අන්තර්ජාලයට එක් කළ අවස්ථාව මෙම සේයාරුවෙන් දැක්වේ.
මෙම අවස්ථාවට අධ්‍යක්ෂ ජනරාල් පී. එම්. ධර්මතිලක, ලේක්හවුස් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රී, නීති සහ පාලන අධ්‍යක්ෂ නීතිඥ ජනක රණතුංග, මූල්‍ය අධ්‍යක්ෂ මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් සමාන්‍යාධිකාරී සුමිත් කොතලාවල ඇතුළු ආරාධිතයන් රැසක් එක්ව සිටියහ.
(ඡායාරූප - මාලන් කරුණාරත්න)