ඉන්ධන මිල සුත්‍රය ගැන ගත් අලුත්ම තීරණය | සිළුමිණ

ඉන්ධන මිල සුත්‍රය ගැන ගත් අලුත්ම තීරණය

ඉදිරියේ දී ඉන්ධන මිල සුත්‍රය මාසිකව සිදු කිරීම නිලධාරීන්ට අවශ්‍ය බලය ලබා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. 
 
ඇමතිවරයා මේ බව කියා සිටියේ ඛනිජ බෙදුම්කරුවන්ගේ සංගමයේ 50 වැනි සංවත්සරයට කොළඹදී එක්වෙමින්ය.
 
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා “අපි කලින් කිව්වා මිල සුත්‍රය 15 වැනිදා සහ 1 වෙනිදා ක්‍රියාත්මක වෙනවා කියලා. එහෙම වුණහම ඔබතුමාලා සමහර විට ආර්ථික අවාසියක් සිදුවෙන නිසා 13 වෙනිදා හෝ 14 වෙනිදා ඇනවුම් තෙල් ඇනවුම් නොකර සිටියා. ඒ නිසා අපි දැන් තීන්දුවක් අරගෙන තියෙනවා මාසිකව තමයි මිල සංශෝධනය කරන්නේ කියලා. ඒ පිළිබඳ යෝජනාව සඳුදා කැබිනෙට්ටුවට එනවා. අපි අනිවාර්යෙන් මධ්‍යම රාත්‍රී 12ට පස්සේ එක පැයකට හරි පෙර වැඩි වුණත් අඩු වුණත් ඔබලාට දැනුම් දෙනවා. මේ නව ක්‍රමය අපි එළඹෙන මාසයේ ඉඳන් ක්‍රියාත්මක කරන්න තමයි සුදානම් වෙන්නේ.”

Comments