ආර්ථි­ක­යට නව මංපෙත් සොයන මහ බැංකු අධි­පති | සිළුමිණ

ආර්ථි­ක­යට නව මංපෙත් සොයන මහ බැංකු අධි­පති

හු නමින් නන්දලාල් වීරසිංහය. ශ්‍රී ලංකා මහ බැංකුවේ 17 වැනි අධිපතිවරයා වූයේ ඔහුය. මුළුමණින්ම වාගේ කඩා වැටෙමින් තිබූ රටක ආර්ථිකය යළි පුනර්ජීවනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහයන්ගේ නායකත්වයෙන් ඒ සඳහා අසමසම කැපකිරීමක් කරන සෙන්පතියකු ලෙසද හෙතෙම හැඳින්විය හැකිය.

ලබන වසරේදී රට හොඳ අතට හැරෙන බව මහ බැංකුවේ වත්මන් අධිපතිවරයාගේ දැඩි විශ්වාසයයි. එය එලෙසම සිදුවනු ඇතැයිද සියලු රටවැසියන්ගේ ප්‍රාර්ථනාව වනු නිසැකය. රටේ ආර්ථිකය පිළිබඳව නව දැක්මක පෙරවදන ගැන මහ බැංකු අධිපති සමඟ සිළුමිණ කළ විශේෂ සාකච්ඡාවක් 3 පිටුවේ පළ වේ.

(ඡායාරූපය - සුලෝචන ගමගේ)

 

Comments