රාජ්‍ය සේවක වැටුප් සහ සුබසාධන දීමනා කප්පාදුවක් නැහැ | සිළුමිණ

රාජ්‍ය සේවක වැටුප් සහ සුබසාධන දීමනා කප්පාදුවක් නැහැ

රාජ්‍ය සේවකයින් හට සහ අනිකුත් සුබසාධන දීමනා රජයට ගෙවීමට නොහැකි යැයි පවසමින් ප්‍රචාරය වන තොරතුරු අසත්‍ය තොරතුරක් බව තමා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඉතා වගකීමෙන් ප්‍රකාශ කරන බව අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
 
රටේ ආර්ථික අර්බුදය අවසන් නොවුනත් එම අභියෝගයත් කළමනාකරණය කර ගනිමින්, රාජ්‍ය සේවක වැටුප් ගෙවීම හා සුබසාධන වියදම් ගෙවීම වගේම අත්‍ය අවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා විදේශ විනිමය සපයා ගැනීම කියන ප්‍රධාන කාරණා තුනට ප්‍රමුකත්වය මේ වන විටත් රජය ලබා දී තිබෙන බවත් රාජ්‍ය සේවක වැටුප් සහ කිසිදු සුබසාධන දීමනාවක් කප්පාදු නොකරන බවත් ප්‍රකාශ කළේය.
 

Comments