පොහොර ගැට­ලු­වට කඩි­නම් විස­ඳුම් | සිළුමිණ

පොහොර ගැට­ලු­වට කඩි­නම් විස­ඳුම්

 මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් පරිදි ඇණවුම් කර ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර සඳහන් කළේය. ඇමැතිවරයා මේ බව සඳහන් කෙළේ ජනාධිපති ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණු සාකච්ඡාවකදීය.

ඒ අනුව මහ කන්නයේ වී ගොවිතැන ඇතුළු අනෙක් වගාවන්ට අවශ්‍ය කාබනික සහ රසායනික පොහොර ලබා දෙන බවත් ඉදිරි වගාවන්ටද කඩිනමින් පොහොර ලබා දෙන බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා පවසයි.

ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක  පොහොර ගැටලුවට...

ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග සහ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීහු ද, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව සහ ඉන්දියානු ණය යෝජනා ක්‍රමය නියෝජනය කරමින් එහි නියෝජිතයෝ සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ නිලධාරීහූ පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 

Comments