Glorious Iconic Awards 2022හි හොඳම නිරූපිකාවට හිමි කිරුළ ඩයනාට | සිළුමිණ

Glorious Iconic Awards 2022හි හොඳම නිරූපිකාවට හිමි කිරුළ ඩයනාට

පළමු වරට සංවිධානය කළ ‘Glorious Iconic Awards 2022' සම්මාන උලෙළේ දී වසරේ හොඳම නිරූපිකාවට (Best Model Sri Lanka 2022) හිමි සම්මානය දිනා ගැනීමට ජනප්‍රිය තරුවක් වන ඩයනා කේ. හෙට්ටිආරච්චි සමත් විය. 
 
සම්මාන උලෙළේ ප්‍රධානීන් ලෙස මිසිස් ශ්‍රී ලංකා ෆෝ මිසිස් වර්ල්ඩ් ජාතික අධ්‍යක්ෂක, ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතා, මිස් ශ්‍රී ලංකා 2012 කිරුළ දිනූ ජනප්‍රිය රංගන ශිල්පිණි වීණූ සිරිවර්ධන මහත්මිය සහ H & H Bridal Dresses අධිපතිනී හංසනී මධුෂිකා මහත්මිය කටයුතු කරනු ලැබීය. 
 
බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය 06 වනදා මෙම උත්කර්ෂවත් සම්මාන උලෙළ සංවිධාන කර තිබුණේ අල් හසීනා බ්‍රයිඩල්ස් ඇන්ඩ් ඇකඩමි නිර්මාතෘ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පීනී හසීනා කලාල් මහත්මිය ප්‍රමුඛ Glorious Iconic Awards Sri Lanka කණ්ඩායම විසිනි.
 
වෘත්තීයෙන් ජාත්‍යන්තර පාසලක ගුරුවරියක්වන ඩයනා කේ. හෙට්ටිආරච්චි නිරූපණ ක්ෂේත්‍රයේ වසර 10ක පමණ අත්දැකීම් ඇති නිරූපිකාවකි. වෘත්තීයෙන් ජාත්යන්තර පාසලක ගුරුවරියක් වන ඩයනා චිත්‍රපට කිහිපයකට ම රංගනයෙන් දායක වූ අතර "සුජාත පුත්‍ර" ළමා චිත්‍රපටයේ ගුරුවරියගේ චරිතයෙන් බාල මහළු සියළු දෙනාගේ ආදරයට පාත්‍ර විය. කීර්තිමත් වෙළෙඳ සන්නාම කිහිපයක වෙළඳ සන්නායම් තානාපතිනිය සහ නිරූපිකාවක් ලෙස කටයුතු කර ඇති ඇය සුප්‍රසිද්ධ පුවත්පත්, සඟරා සහ නවකතා ගණනාවක කවරයන් ඇගේ රුවින් හැඩකර තිබේ.
 
(ඡායාරූප : විශ්ව  තරංග, පුබුදු ලක්ෂාන්)

Comments