මන්නාරමේ ඉන්ධන ද්‍රෝණිය ගැන කෝපා අවධානය | සිළුමිණ

මන්නාරමේ ඉන්ධන ද්‍රෝණිය ගැන කෝපා අවධානය

න්නාරම් ද්‍රෝණියේ පවතින ඉන්ධන සහ ස්වභාවික ගෑස් ගවේෂණ කර ලබාගැනීමට විධිමත් වැඩපිළිවෙළක් සකස් නොකිරීම සම්බන්ධයෙන් කෝපා (COPA) කමිටුවේ දැඩි අවධානය යොමුව තිබේ. පසුගිය 5 වෙනිදා කෝපා කමිටුව රැස්වූ අවස්ථාවේදී මේ පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කර ඇත්තේ 2016 වසරේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට ලැබී ඇති දත්තයන්ට අනුව මන්නාරම් ද්‍රෝණියේ ඉන්ධන බැරල් බිලියන 5 ක් පමණ සහ ස්වභාවික වායු ඝන අඩි ට්‍රිලියන 5ක් පමණ තිබෙන බව තහවුරු වී ඇත.එම මෙරට අවශ්‍යතාවන් වසර 60ක් පමණ සපුරාලීමට ප්‍රමාණවත් වීම ගැන කමිටුවේ අවධානය යොමු විය. එසේම රටේ විදුලිබල සැපයුම කිලෝවොට් 1130 දක්වා වැඩිකිරීමට මේ වායු යොදාගත හැකි බවත් ස්වභාවික වායු නිපදවීම තුළින් වසර 25ක් තුළ රටට විවිධ අංශ වලින් ඩොලර් බිලියන 200 ක පමණ වාසියක් සැලසෙන බවත් එහිදී හෙළිව තිබේ.

Comments