2022 නව වසර ලොව ප්‍රථමයෙන් පිළිගත් කිරිබර්ටි වැසියන් | සිළුමිණ

2022 නව වසර ලොව ප්‍රථමයෙන් පිළිගත් කිරිබර්ටි වැසියන්

2022 නව වසර උදාව සමරණ ලොව පළමු රට බවට පත්ව ඇත්තේ කිරිබර්ටි දිවයිනයි.
 
දූපත් 32කින් සහ කොරල් දිවයිනකින් සමන්විත කිරිබර්ටි දිවයින ලොව පළමුවෙන් නව වසර උදාවන රටයි. ඒ අනුව මෙවර ද 2022 නව වසර ප්‍රථමයෙන් පිළිගනු ලැබුවේ කිරිබර්ටි වැසියන් විසිනි.
 
අනතුරුව සැමෝවා දූපත් සමූහයද නව වසර හරසරින් යුතුව පිළිගනු ලැබීය.
 
මෙවර 2022 වසර උත්සවශ්‍රීයෙන් පිළිගැනීමට නවසීලන්තයේ ඔක්ලන්ඩ් නගර වැසියන් ද ක්‍රියාකර තිබුණි. නගර මධ්‍යයේ රාත්‍රී අහස ගිණිකෙළි සංදර්ශනයකින් වර්ණවත් විය.

Comments