2020 විග­ණ­කා­ධි­පති වාර්තාව කථා­නා­ය­කට | සිළුමිණ

2020 විග­ණ­කා­ධි­පති වාර්තාව කථා­නා­ය­කට

 දෙදහස් විස්ස වසරට අදාළ ව අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, අධිකාරි, මණ්ඩල හා ව්‍යවස්ථාපිත අරමුදල්, පළාත් සභා, පළාත් පාලන ආයතන, විදේශ ආධාර ව්‍යාපෘති ඇතුළු ආයතනවල කාණ්ඩ 9ක් යටතේ සිදු කළ විගණකාධිපති වාර්තාව, විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න විසින් කථානායක  මහින්ද යාපා අබේවර්ධන වෙත පසුගියදා පිළිගැන්විණි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව ප්‍රකාරව රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන අතර එය වඩාත් ඵලදායි ලෙස සිදු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154 ව්‍යවස්ථාවෙන් විගණකාධිපතිවරයාට පැවරී ඇති කාර්යභාරය අනුව මෙකී විගණන වාර්තාව ඉදිරිපත් කෙරිණි.

Comments