ෆේස්බුක් ‘මෙටා’ වෙලා | සිළුමිණ

ෆේස්බුක් ‘මෙටා’ වෙලා

ෆේස් බුක් සමාජ මාධ්‍යද ඇතුළුව සමාජ මාධ්‍ය රැසක හිමිකාරීත්වය දරන මාර්ක් සකර්බර්ග්ගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන අන්තර්ජාල පහසුකම් සැපයීමේ සමාගම තම සමාගම් නාමය ‘මෙටා’ යනුවෙන් සංශෝධනය කර තිබේ. පසුගිය බ්‍රහස්පතින්දා සවස රැස්වූ සමාගම් ප්‍රධානිහු මේ නව නාමය පිළිබඳ අවසන් තීරණය නිල වශයෙන් දැනුම් දී තිබේ.

මේ සමාගම ආරම්භ කරන ලද්දේ ෆේස් බුක් සමාජ මාධ්‍ය සමඟින් වූ අතර පසුව එයට ඉන්ස්ටර්ග්‍රෑම්, වට්ස්ඇප් වැනි තවත් සමාජ මාධ්‍ය රැසක් අත්පත් කර ගැණිනි. එහෙත් එම සමස්ත සමාගම් ජාලය දිගින් දිගටම හඳුන්වන ලද්දේ ‘ෆේස්බුක්’ යන නමිනි. මේ නම වෙනුවට   හැඳින්විය හැකි පොදු නමක් පිළිබඳව අදහස් යෝජනා වූ අතර සමාගම් ප්‍රධානීන්ගේ පොදු තීරණයක් ලෙස ‘මෙටා’ කරළියට පැමිණියේ එසේය.

සමස්ත සමාගම් ජාලයේ නම එසේ වෙනස් වුවද ඒ යටතේ ක්‍රියාත්මක වන සමාජ මාධ්‍යවල නම් වෙනස් නොවනු ඇති බවද ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Comments