ආචාර්ය කුස­ල­ධම්ම නාහිමි ශ්‍රී දේහ­යට ජන­පති ගෞරව | සිළුමිණ

ආචාර්ය කුස­ල­ධම්ම නාහිමි ශ්‍රී දේහ­යට ජන­පති ගෞරව

 ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ දේහයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ඔක්තෝබර් 29 වැනිදා පස්වරුවේ ගොස් අවසන් ගෞරව දැක්වූහ. කැලණි විශ්වවිද්‍යාලයේ කුලපති වූ උන්වහන්සේ කොළඹ - හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක සහ පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති වශයෙන්ද කටයුතු කළහ. අග්ගමහා පණ්ඩිත, ආචාර්ය කුසලධම්ම හිමියන්ගේ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන් 31 වැනි ඉරිදා සිදුවන අතර එදින ජාතික ශෝක දිනයක් ලෙසද රජය මඟින් ප්‍රකාශයට පත්කර ඇත.

Comments