මෙදා අයවැය විකාශය සංඥා භාෂාවෙනුත් | සිළුමිණ

මෙදා අයවැය විකාශය සංඥා භාෂාවෙනුත්

මෙවර අයවැය විවාදය ශ්‍රවණාබාධිත ප්‍රජාව වෙනුවෙන් සංඥා භාෂාවෙන්ද විකාශය කිරීමට කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිවූ බව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක පැවැසීය. ඒ අනුව අයවැය විවාදය පැවැත්වෙන කාල සීමාවේ සජීවී රූපවාහිනී විකාශයට සමගාමීව සංඥා භාෂා කවුළුවක්ද විකාශය කිරීමට අනුමැතිය හිමි වූ බව හෙතෙම සඳහන් කළේය. මෙවර අයවැය යෝජනාවලිය නොවැම්බර් 12 වැනි සිකුරාදා පස්වරු දෙකට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂයන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර අනතුරුව ඉරිදා සහ රජයේ නිවාඩු හැර දෙසැම්බර් 10 වැනි සිකුරාදා දක්වා සෑම දිනෙකම අයවැය විවාදය පැවැත්වීමටද කටයුතු යොදා ඇත.

Comments