කොවිඩ් අර­මු­ද­ලට මන්ත්‍රී වැටුප් | සිළුමිණ

කොවිඩ් අර­මු­ද­ලට මන්ත්‍රී වැටුප්

වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ඇමැතිවරයකු ලෙස තමාට ලැබෙන වැටුප කෝවිඩ් - 19 අරමුදලට මේ මස සිට පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.

එමෙන්ම රාජ්‍ය ඇමැති විමලවීර දිසානායක, පොදුජන එක්සත් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනූප පැස්කුවල් ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සිය වැටුප කොවිඩ් මර්දන වැඩසටහන් සඳහා ලබා දී තිබේ.

Comments