ජනාධිපති නීතිඥයකු ලෙස රවීන්ද්‍ර පතිරණගේ දිවුරුම් දෙයි | සිළුමිණ

ජනාධිපති නීතිඥයකු ලෙස රවීන්ද්‍ර පතිරණගේ දිවුරුම් දෙයි

තිරේක සොලිසිටර් ජෙනරාල් රවීන්ද්‍ර පතිරණගේ පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් විසින් ජනාධිපති නීතිඥවරයකු ලෙස පත් කරන ලදී. ඒ අනුව අතිරේක සොලිසිටර් ජෙනරාල් රවීන්ද්‍ර පතිරණගේ ඉකුත් 06 වැනිදා ජනාධිපති නීතිඥවරයකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ දිවුරුම් දුන්නේය.

1995 වසරේදී නීතිපති දෙපාර්තමේන්තුවේ තාවකාලිකව වැඩබලන රජයේ අධිනීතිඥයකු ලෙස එක්වූ පතිරණගේ අනතුරුව රජයේ අධිනීතිඥ, ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ, නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් යන තනතුරු හෙබවීය. හෙතෙම 2021 වසරේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු වශයෙන් උසස්වීම් ලැබීය.

නීතිපති දෙපාර්තමේන්තුවට එක්වීමට පෙර ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ක්‍රියාකාරි ශිෂ්‍යයකු ලෙස නීති ශිෂ්‍ය සිංහල සංගමයේ භාණ්ඩාගාරික සහ ලේකම් ධුරද හෙබ වූ ජනාධිපති නීතිඥ පතිරණගේ මෙරට නීති ක්ෂේත්‍රයේ සිටින පෘථුල දැනුමකින් හෙබි අයෙකි. සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ හිටපු උප සභාපතිවරයකු ද වන හෙතෙම ගාල්ල උළුවිටිකේහි පදිංචිව සිටි නැසීගිය ඕ. පී. ප්‍රේමදාස සහ ඩී. නානායක්කාර යුවලගේ පුත්‍රයාය. ජනාධිපති නීතිඥ රවීන්ද්‍ර පතිරණගේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි සිසුවෙකි.

Comments