ජයවර්ධනපුර රෝහලේ පළමු වරට සාර්ථක අක්මා බද්ධ සැත්කමක් සිදු කරයි | සිළුමිණ

ජයවර්ධනපුර රෝහලේ පළමු වරට සාර්ථක අක්මා බද්ධ සැත්කමක් සිදු කරයි

ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේ දී පළමුවරට අක්මා බද්ධ සැත්කමක් සාර්ථකව සිදුකර ඇත.
 
 රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා ප්‍රකාශ කළේ 37 හැවිරිදි තරුණයෙකු සඳහා මෙම සැත්කම සිදුකළ බවයි.
 
සිරෝසීස් රෝගයෙන් පෙළුණු මෙම තිස්හත් හැවිරිදි තරුණයාට ඉතා ඉක්මනින් අක්මා බද්ධයක් සිදු කිරීමේ අවශ්‍යතාව මතුව ඇත
 
ඒ හේතුවෙන් පසුගිය 30 වනදා මෙම සැත්කම සිදුකර ඇති අතර එය 100%ක්ම සාර්ථක බවට තහවුරු කර ගෙන ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය රත්නසිරි හේවගේ මහතා ප්‍රකාශ කරයි
 
රාගම රෝහලේදී ලබාගත් මොළය මිය ගිය 62 හැවිරිදි පුද්ගලයෙකුගේ අක්මාවකුයි මෙලෙස බද්ධ කර ඇත
 
 සැත්කම සඳහා පැය 12කට ආසන්න කාලයක්  ගතවූ බවයි වෛද්‍යවරුන් සඳහන් කරයි
 
 ජයවර්ධනපුර රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් කණ්ඩායමක් මෙම සැත්කමට එක්ව ඇත
 
 අක්මා බද්ධ සැත්කම සඳහා අධික වියදමක් දැරීමට සිදුවන අතර එය ඉන්දියාවේ සිදු කිරීමට සාමාන්‍යයෙන් රුපියල් ලක්ෂ 120ක් පමණ වැයවන බව සඳහන් වේ එහෙත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සිදුකළ මෙම සැත්කම සඳහා කිසිඳු අය කිරීමක් සිදු නොකිරීම ද විශේෂත්වයකි

Comments