සංචරණ සීමා 21සිට ලිහිල් කෙරේ | සිළුමිණ

සංචරණ සීමා 21සිට ලිහිල් කෙරේ

සංචරණ සීමා ලබන 21 වන සඳුදා අලුයම 04 සිට ලිහිල් කිරීමට රජය තීරණය කර ඇති අතර එය යළිත් ජූනි මස 23 රාත්‍රී 10 සිට 25 වනදා උදෑසන 04 දක්වා පෙර පරිදිම නැවත ක්‍රියාත්මක කෙරේ. එහෙත් පළාත් අතර පනවා ඇති සංචරණ සීමා එලෙසම ක්‍රියාත්මක වේ.

සංචරණ සීමා ලිහිල් වුවද ජනතාව ඒකරාශී වන අවස්ථාවන්ට අදාළව පනවා ඇති සංචරණ නීති තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කෙරේ. පෙර පරිදිම රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම ආයතන සීමිත සේවක සංඛ්‍යාවක් යටතේ පවත්වාගෙන යා යුතු වේ.

කොවිඩ් ආසාදිත නොවන මරණ පෙර පරිදිම පැය 24ක් ඇතුළත අවසන් කටයුතු සිදු කළ යුතුය.

සංචරණ සීමා ලිහිල් කළද විවාහ උත්සව, ප්‍රිය සම්භාෂණ පැවැත්වීමට අවසර නැත. එමෙන්ම මත්පැන් හල්, පිහිනුම් තටාක, කාය වර්ධන මධ්‍යස්ථාන, විනෝද උද්‍යාන, සිනමා ශාලා ඇතුළු ජනතාව එක් රොක් වන කිසිදු ස්ථානයක් විවෘත කිරීමට අනුමැතිය ලබා දී නොමැත.

Comments