ආශ්‍රි­ත­යන් නැති රෝගීන් 85ක් | සිළුමිණ

ආශ්‍රි­ත­යන් නැති රෝගීන් 85ක්

ශ්‍රිතයන් හඳුනා ගත නොහැකි කොවිඩ් 19 රොගීන් 85 දෙනකු මේ වන විට හඳුනාගෙන ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි. රෝගය සමාජ ව්‍යාප්තියක් කරා ගොස් නැති බවට සෞඛ්‍ය අංශ පැවසුවද මේ තත්ත්වය මත රෝගීන්ගේ ආශ්‍රිතයන් සොයා ගැනීම පවා වඩාත් දුෂ්කර කාර්යයක් වනු ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.

රෝග ව්‍යාප්තිය පිළිබඳව කරුණු වාර්තා වන විට තවත් විශාල පිරිසක් කරා රෝගය ව්‍යාප්ත වී තිබෙන්නට බොහෝ ඉඩ ඇතැයි පෙන්වා දුන් ඔහු මේ තත්ත්වය මත රෝග ව්‍යාප්තිය පාලනයට කඩිනම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බවද පෙන්වා දුන්නේය.

Comments