නව ප්‍රකා­ශන මිලදී ගැනීම පුස්ත­කාල මණ්ඩ­ලය අර­ඹයි | සිළුමිණ

නව ප්‍රකා­ශන මිලදී ගැනීම පුස්ත­කාල මණ්ඩ­ලය අර­ඹයි

මුද්‍රිත ග්‍රන්ථ සඳහා ආධාර ලබා­දීම වෙනු­වෙන් ජාතික පුස්ත­කාල හා ප්‍රලේ­ඛන සේවා මණ්ඩ­ලය ක්‍රියා­ත්මක කරන “නව ප්‍රකා­ශන මිලදී ගැනීමේ ව්‍යාපෘ­තිය” යටතේ 2019/2020 වර්ෂ­යන්හි මුද්‍ර­ණ­යෙන් නිකුත් කෙරුණු කෘති බාර ගැනීම මේ වන විට ආරම්භ කර තිබේ. මේ යටතේ 2019/2020 වර්ෂ­වල මුද්‍රිත නව­කතා, කෙටි කතා, පද්‍ය වැනි නිර්මා­ණා­ත්මක කෘතිද, ශාස්ත්‍රීය සහ පර්යේ­ෂ­ණා­ත්මක කෘතිද භාර ගැනීම ඔක්තෝ­බර් 10 දින දක්වා සිදු­ක­රන අතර අදාළ අය­දු­ම්පත් ජාතික පුස්ත­කාල හා ප්‍රලේ­ඛන සේවා මණ්ඩ­ලයේ ප්‍රකා­ශන හා ග්‍රන්ථ සංව­ර්ධන අංශ­යෙන් ලබා ගත හැකිය. ප්‍රකා­ශ­යට පත්ක­රන ලද ග්‍රන්ථ අලෙ­වි­කර ගැනී­මේදී කතු­ව­රුන් මුහුණ පාන ගැටලු සඳහා සහ­න­යක් ලබා දීම, ගුණා­ත්මක මට්ටමේ කෘති මිලදී ගැනීම, පුස්ත­කාල සංව­ර්ධ­නය, කිය­විම ප්‍රව­ර්ධ­නය මේ ව්‍යාපෘ­තියේ මූලික අර­මුණු අතර වේ.

Comments