ප්‍රේම­ලාල් ගැන තීන්දු­වක් 7 වැනිදා | සිළුමිණ

ප්‍රේම­ලාල් ගැන තීන්දු­වක් 7 වැනිදා

රණ දඬු­වම් නිය­මව සිටින රත්න­පුර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ප්‍රේම­ලාල් ජය­සේ­කර මහ­තාට පාර්ලි­මේන්තු රැස්වී­ම්ව­ලට සහ­භාගි වීමට අව­සර දෙන­වාද යන්න පිළි­බඳ අතුරු නියෝ­ගය ලබන සඳුදා (07) ප්‍රකා­ශ­යට පත් කිරී­මට අභි­යා­ච­නා­ධි­ක­ර­ණය ඉකුත් (04) වැනිදා තීන්දු කළේය.

මහ මැති­ව­ර­ණ­යෙන් තේරී පත්වූ තමාට පාර්ලි­මේන්තු රැස්වී­ම්ව­ලට සහ­භා­ගි­වී­මට අව­සර දෙස ලෙසට බන්ධ­නා­ගාර කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා වෙත නියෝ­ග­යක් නිකුත් කරන ලෙස ඉල්ලා මරණ දඬු­වම නියම වී සිටින රත්න­පුර දිස්ත්‍රික් පාර්ලි­මේන්තු මන්ත්‍රී ප්‍රේම­ලාල් ජය­සේ­කර මහතා ගොනු කළ රීට් පෙත්සම ඉකුත් (04) වැනිදා අභි­යා­ච­නා­ධි­ක­ර­ණය සභා­පති ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජ­ක­රුණා යන මහ­ත්ව­රුන් ගෙන් යුත් ද්වි පුද්ගල අභි­යා­ච­නා­ධි­ක­රණ මඬු­ල්ලක් හමුවේ සලකා බල­මින් අභි­යා­ච­නා­ධි­ක­ර­ණය මෙම නියෝ­ගය එදි­නට කල් තැබිණි.

එසේ ම පෙත්සම සම්බ­න්ධ­යෙන් වග­උ­ත්ත­ර­ක­රු­වන්ට නොතීසි නිකුත් කර­නවා ද නැද්ද යන තීන්දුව ද එදි­නට ප්‍රකා­ශ­යට පත් කිරී­මට අභි­යා­ච­නා­ධි­ක­රණ විනි­සුරු මඬුල්ල නියම කළේ ය.

 

Comments