ජයගත් ආසන 102 ක් ම පොහොට්ටුවේ | සිළුමිණ

ජයගත් ආසන 102 ක් ම පොහොට්ටුවේ

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දිනාගත් ආසන 145 න් 102 ක් ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටම හිමිව තිබීම විශේෂත්වයකි.

ඉතිරි ආසන 43 න් 12 ක් ශ්‍රීලනිපය ඉදිරිපත් කළ අපේක්ෂකයින්ට ද ජාතික නිදහස් පෙරමුණට ආසන 5 ක් ද මහජන එක්සත් පෙරමුණට ආසන දෙකක් ද ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණට ආසන 2 ක් ද ලංකා කම්කරු කොන්ග්‍රසයට ආසන දෙකක් ද ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය පිවිතුරු හෙළ උරුමය හා ශ්‍රී ලංකා මහජන පක්ෂය ආසන එක බැගින් හිමි කරගෙන ඇත. මේ අනුව ආසන 128 ක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමි වූ අතර ප්‍රසාද ආසන 17 ක් සමඟ ආසන 145 ක විශිෂ්ට බලයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව ඇත.

Comments