මගෙන් ආදරේ මඟහැරුණා | සිළුමිණ

මගෙන් ආදරේ මඟහැරුණා

නිසංසලා මධුශානි කියන්නේ මියුසික් වීඩියෝ සහ වෙළඳ දැන්වීම් තුළින් රංගනයට ආ නව පරපුරේ රංගන ශිල්පිනියක්. නිසංසලා මධුශානි පුංචි තිරයේ ප්‍රේක්ෂකයින් අතරට එන්නේ දෙරණ දියණි නාට්‍යයේ කවිෂා සහ සිරස නීල පබළුහි නිශා ලෙසින්.

කොහොමද කලාවට සම්බන්ධ වෙන්නෙ

මම මුලින්ම බ්‍රයිඩ්ල් ෂූට් කළේ. ඊට පස්සෙ මියුසික් වීඩියෝවලට සම්බන්ධ වුණා. මේ වෙද්දී මියුසික් වීඩියෝ 85ක් විතර කරලා තියෙනවා. වෙළෙඳ දැන්වීම්වලට පෙනී ඉන්නවා. ස්වර්ණවාහිනී නාලිකාවේ ස්වර්ණ කුමරිය තරගයේ අවසන් 12 දෙනා අතරට ආවා. එතැනින් පස්සෙ තවත් අවස්ථාවන් ගොඩක් ලැබුණා.

ඔබ පාසල් කාලෙත් කලා කටයුතුවලට වැඩි නැඹුරුවක් තිබුණ ද?

පාසල් කාලේ සංගීතය පැත්තට වැඩි නැඹුරුවක් තිබ්බෙ.

නිළියක් වෙන්න හිතුණේ කොයි කාලේද?

නිළියක් වෙන්නම ඕනේ කියන සිහිනයක් මට මුල් කාලේ තිබුණේ නැහැ. පොඩි කාලේ ඉඳන් දකින හැමෝම කියනවා ඔයා ගොඩක් ලස්සනයි නිළියක් වෙන්න වුණත් පුළුවන් කියලා. ගොඩක් අය ඔඩිෂන් සහ ස්ක්‍රීන් ටෙස්ට්වලටත් කතා කළා. ඒත් මුලදී ගියේ නැහැ. කාලයත් එක්කම ගොඩක් අය කිවුවා අපරාදේ මියුසික් වීඩියෝ විතරක් කරන්නේ නාට්‍යයවල රඟපාන්න යන්න කියලා. ඒ හරහා දෙරණ දියණි නාට්‍යයට සම්බන්ධ වුණා. එතනින් පස්සේ ධනුෂ්ක රත්නායක අයියාගේ මාර්ගයෙන් නීල පබළු නාට්‍යයේ නිශා කියන චරිතය ලැබුණා.

කොහොමද රංගනය තුළින් ලද අත්දැකීම?

ගොඩක් හොඳ අත්දැකීම් ලැබෙනවා. අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. අපේ තියෙන අඩුපාඩු හදාගෙන හොඳ සාර්ථක ගමනක් යන්න පුළුවන් කියලා දැනෙනවා. මේ ටික කාලයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.

ඔබේ වෘත්තිය රංගනය ද ?

රංගනය ජොබ් එකක් විදිහට නම් මම කරන්නේ නැහැ. මගේම කියලා "Nm beauty by nishi" නමින් පොඩි ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒ නිසා රංගනය සහ මගේ ව්‍යපාරික කටයුතු සමබරව කරගෙන යනවා.

ගෙදරින් ලැබෙන සහයෝගය කොහොමද?

අම්මා තමා මගේ හැමදේකටම ඉන්නේ. මම අද මෙතැන ඉන්නේ මගේ අම්මා නිසා. මල්ලිගෙනුත් මට සහයෝගය ලැබෙනවා. මගෙ අම්මා අද මම මේ ඉන්න තැනට එන්න මා එක්ක බස්වල එහෙ මෙහෙ ගිහින් සැහෙන්න කට්ටක් කෑවා. ඒ දුක් විඳපු කට්ට කෑමත් එක්ක අද මම හොඳ ස්ථාවරත්වයක් හදා ගෙන තියෙනවා. මමම හම්බකරපු සල්ලිවලින් අද වෙද්දී මට හොඳ වාහනයක් (CHR) ගන්න පුළුවන් වුණා. දැන් අම්මාට බස්වල යන්න ඕනේ නැහැ. අම්මගේ බෙහෙත් ටික ගන්න මම ඇයව බස් එකේ යවන්නේ නැහැ. මගේම ස්ථාවරත්වයක් හදාගෙනයි මම රංගනයට එන්නේ.

දිගටම රඟපාන්න ද අදහස?

දැන් රංගන කටයුතු කරනවා. වැරදි අඩුපාඩු හදාගෙන ලැබෙන ආරාධනා අනුව දිගටම රංගනයේ නියැෙළනවා.

ආදරය ගැන මොකද හිතෙන්නෙ

ආදරේ හොඳයි හරි කෙනෙක් හම්බ වුණොත්. ආදරේදී අනෙක් කෙනාට හයියක් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් තනියම ඉන්න එක හොඳයි. මම මගේ ජීවිතේ ආදරේට වැඩි ඉඩක් දුන්නේ නැහැ. මට ඕනෙ වුණේ අද මම මේ ඉන්න තැනට එන්න. ඒ නිසා ආදරේ මගෙන් මඟ හැරුණා. ඒ නිසා තවම ආදරවන්තයෙක් නැහැ. ඒ ගැනත් දැන් හිතනවා.

ක්ෂෙත්‍රයේ අයගෙන් එන ආදර යෝජනා භාර ගන්නෙම නැද්ද?

එහෙම එකක් නැහැ. ක්ෂේත්‍රය නෙවෙයි වැදගත් වෙන්නේ ඒ කෙනාගේ ගතිගුණ සිතුම් පැතුම්. හොඳ කෙනෙක් හම්බ වුණොත් ඒ ගැන හිතනවා.

ක්ෙෂ්ත්‍ර්‍රයේ ඉන්න කොට කටකතා ගොසිප් හැදෙන්න පුළුවන් , ඒ ගැන මොකද හිතන්නෙ?

කටකතාවලට නම් මම බය නැහැ. ඒවා මම ගණන් ගන්නෙත් නැහැ. ඔය කටකතා අපේ ඔලුවට දාගත්තොත් අපිට ගමනක් යන්න බැහැ. ඕනෙ කෙනෙක්ට ඕනෙ දෙයක් කියන්න දීලා මම මගේ ගමන යනවා. ඒ වගේම මම හිතනවා මම ගොඩක් වාසනාවන්තයි කියලා. මම ආස දේවල් මම තනියම හැමදේම ජීවිතේට ළං කර ගත්තා. මම ලස්සනට අඳිනවා. මට ඕනෙ හැමදේම මම ගන්නවා. අම්මයි මායි සැපවත් ජීවිතයක් ගත කරනවා.

ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවාද?

අලුත් නාට්‍ය දෙක තුනකින්ම මාව දැක ගන්න ලැබෙයි.

අනාගත බලාපොරොත්තු මොනවාද?

කලා ක්ෂේත්‍රය තුළින් ඉදිරියට යන්න සහ මගේ ව්‍යාපාරික පැත්ත තව තවත් දියුණු කර ගන්න බලාපොරොත්තු වෙනවා.

 

Comments