කඩචෝරු සොයන රැහේ සගයන්ට | සිළුමිණ

කඩචෝරු සොයන රැහේ සගයන්ට

ස්නැක් බාර්

අවශ්‍ය ද්‍රව්‍ය

කජු හෝ ආමන්ඩ් කෝප්පයක්

වියළි මිදි කෝප්පයක්

ඇට ඉවත් කරගත් රටඉඳි කෝප්පයක්

 

කජු අවන් එකේ සෙල්සියස් අංශක 160ට විනාඩි 10ක් තබන්න. නැති නම් පෑන් එකක දමා රෝස්ට් කරගන්න.

සියලුම ද්‍රව්‍ය එකට එකතු කර බ්ලෙන්ඩ් කරගන්න. ලන්ච් ෂීට් එකක් දමා ගත් තැටියක තරමක් උසට තුනී කර, රැයක් ශීතකරණයේ තබා කෑලි කපාගන්න.

 

 

චොක්ලට් බ්‍රවුනීස්

අවශ්‍ය ද්‍රව්‍ය

ඩබල් බොයිල් කරගත් චොක්ලට් කෝප්පයක්

බිත්තර 2ක්

පාන්පිටි කෝප්පයක්

 

මේ සියල්ල හොඳින් කලවම් කර තැටියක දමා 180c°ට ප්‍රීහීට් කළ අවන් එකක දමා විනාඩි 20ක් පමණ බේක් කරගන්න.

 

 

බනානා පෑන් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය

ඉඳුණු කෙසෙල් ගෙඩියක්

බිත්තරයක්

ෆ්‍රෙෂ් මිල්ක් හෝ පිටි කිරි මේස හැඳි 2ක්

කෙසෙල්, කිරි හා බිත්තරය බ්ලෙන්ඩ් කරගන්න. දැන් මේ උකු මිශ්‍රණය නන්ස්ටික් පෑන් එකක දමා සාදා ගන්න.

 

කොකනට් මැකරූන්ස්

අවශ්‍ය ද්‍රව්‍ය

ගාගත් පොල් කෝප්ප 5 1/2 ක්

මිල්ක්මේඩ් පොඩි ටින් එකක්

වැනිලා තේ හැඳි 2ක්

සියල්ල එකට මිශ්‍ර කරගන්න. තෙල් කඩදාසියක් දමාගත් තැටියක මිශ්‍රණය තැනින් තැන පොඩි බෝල වශයෙන් තබා සෙල්සියස් 160ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 10 -12ක් බේක් කරගන්න. ඉක්මණින් අවන් එකෙන් ඉවතට ගෙන නිවෙන්න හරින්න.

 

Comments