දසුන් සහ චෙවන්ති සුබ මංග­ලම්! | සිළුමිණ

දසුන් සහ චෙවන්ති සුබ මංග­ලම්!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­යම නියෝ­ජ­නය කරන තුන් ඉරි­යව් ක්‍රීඩක දසුන් ශානක ඉකුත් 5වැනිදා විවාහ දිවි­යට පිවි­සුණා. ඒ, වසර තුන­කට ආසන්න කාල­යක් තිස්සේ ඔහුගේ ආද­රය දිනූ පෙම්ව­තිය චෙවන්ති සම­ඟින්. මීග­මුව ඇවන්රා ගාර්ඩන් හෝට­ල­යේදී ඔවුන් දෙප­ළගේ මංගල උත්ස­වය පැවැ­තියේ ක්‍රිකට් තරු, කලා තරු, දේශ­පා­ලන තරු රැසක් පිරි­ව­රා­ගෙන. හෙළ කුල සිරි­තට අනුව පෝරුවේ චාරි­ත්‍ර­ව­ලින් සම­න්විත වූ විවාහ උත්ස­වය සුන්දර කර­ගැ­නී­මට බොහෝ දෙන­කුගේ සහ­යෝ­ගය ලැබුණු බව දසුන් අප සමඟ පැව­සුවා.

මංගල උත්ස­වය  සුන්ද­රව ජායා­රූ­ප­ගත කොට ඇත්තේ ප්‍රමෝද් නිල්රු. දසුන්ගේ ඇඳුම් සැක­සීම TUX•CEYLON සහ  ඔහුගේ කොණ්ඩ සැක­සුම Salon LIYO සිදු­කර තිබෙ­නවා. පෝරුවේ චාරිත්‍ර විශ්වි වෙඩින් ආය­ත­නය විසින් සිදු­කර ඇති අතර අලං­ක­රණ සහ සැර­සිලි Grandflora weddings & Events Pvt Ltd ආය­ත­න­යෙන්. දසුන්ගේ මනා­ලිය චෙවන්ති ඉතා සුන්ද­රව දිස්වූ අතර ඇයගේ මංගල ඇඳුම ඇය විසින්ම නිර්මා­ණය කරන ලද්දක් වීම විශේ­ෂයි.

චෙවන්ති වෘත්ති­යෙන් දක්ෂ මෝස්තර නිර්මාණ ශිල්පි­නි­යක වීම ඊට හේතු­වයි. ඇය මනා­ලි­යක ලෙස හැඩ­ගන්වා ඇත්තේ සැලෝන් සුදාරි. මංගල උත්ස­වයේ සැල­සුම සිරිත ආය­ත­නය විසින්. මංගල උත්ස­වය මියුරු සංගී­ත­යෙන් රස ගැන්වූයේ professor සංගීත කණ්ඩා­ය­මයි.

“අපේ විවාහ උත්ස­වය පව­ත්වන්න තිබුණේ පසු­ගිය මැයි මාසයේ 13 වැනිදා. කොවිඩ් නිසා තමයි කල් දැම්මෙ. ඒ වුණත්  අපි දෙන්නගේ ජීවිතේ ලස්ස­නම දවස අපි හිතු­ව­ටත් වඩා ගොඩක් ලස්ස­නට ගත­වුණා. සහාය වුණ හැමෝ­ටම ස්තුතියි කියන්න මෙය අව­ස්ථා­වක් කර­ග­න්නවා” දසුන් හැමෝ­ටම ස්තුති කළේ එහෙ­මයි.

Comments