හතර වටෙන් ඇහෙන කතා | සිළුමිණ

හතර වටෙන් ඇහෙන කතා

ඇත්ත කතාව

මැෂ් අප් වලින් තරුණ පරපුර අතර ජනප්‍රිය වූ යොහානිගේ ගීතයක් ගැන ඇය මෙහෙම දෙයක් කිව්වා.. මේ ගීතයේ තියෙන්නේ ඇත්ත සිදුවීම් පෙළක් හා ඒ ගීය ඇතුළේ මුළු ජීවිත කතාවක්ම තියෙනවලු. ඉතින් මේ ගීතය හරහා යොහානි සමාජයට හොඳ පණිවුඩයක් දුන්නා කියලා හිතන රසිකයන්ගෙන් මේ දවස් වල ඇයට ලැබෙන නොසිතු හොඳ ප්‍රතිචාර ගැන යොහානී බොහොම සතුටින් කියලයි ආරංචි වුණේ.

----------------

රජකම එපා නළුකම හොඳා

හැරී සහ මේගන් මාකල් කුමරිය රාජකීය දූර අතහැර යාමත් සමඟ ඔවුන් පිළිබඳ විවිධ කතා පැතිරෙනවා. ඔන්න දැන් හැරී කුමරු හොලිවුඩ් සිනමාවට සම්බන්ධ වෙන්න ලෑස්ති වෙනවා කියලයි පැතිරෙන අලුත්ම ආරංචිය.. මේ අදහසට ඔහුව දිරිමත් කරලා තියෙන්නේ කලින් හොලිවුඩ් නිළියක් වූ ඔහුගේ බිරිය මේගන් කුමරියමයි. අලුතින් ජීවිතේ ආයෙත් පටන් ගන්න කාලය හරි යැයි කියා තිබුණු හැරී කුමරු හොලිවුඩ් සිනමාව ගොඩක් හිත් ඇදගන්නා දෙයක් බවත් පවසා තිබුණා.

-------------

පුංචි අමුත්තා කවුරු වගේ වේවිද

ඉන්දියාවේ වගේම ලොව ආදරය දිනා ගත් යුවළක් තමයි විරාත් කෝලි සහ අනුෂ්කා ෂර්මා. ඉතින් මේ දෙන්නා ඔවුන්ගේ ජීවිතේ සතුටම ආරංචිය සමාජ මාධ්‍ය ඔස්සේ සිය ආදරණීයයන් හා බෙදා ගත්තා. ඒ තමයි දෙන්නගේ කැදැල්ලට අලුත් අමුත්තෙක් එන වග. 2021 වසරේ ජනවාරි තමයි මේ පුංචි අමුත්තා මේ ලෝකෙට එන්න ඉන්නේ කියලා විරාත් සටහන් කරල තිබුණේ හරිම ආදරයකින්. ඒ ආරංචියට හතර වටෙන් සුබ පැතුම් ගලාගෙන එන්නත් පටන් ගත්තා. ඒ අතර පිරිසක් තවත් කෝලි කෙනෙක් බිහි වෙනවා නම් හොඳයි කිව්වා... අපේ රටේ උදවියත් හරි හරියට ප්‍රතිචාර දක්වලා තිබුණා. හැබැයි ඒ ප්‍රතිචාර

අතර වැඩිපුර තිබුණේ කෝලි වගේ අහංකාර නැති අනුෂ්ක වගේ නිළි සිඟිත්තක් ලැබෙනවා නම් හොඳයි කියලයි..

-------------

ළමා කාලෙට යන්න හිතුණා

ජනප්‍රිය නළු රොෂාන් රණවන මේ ළඟදි එයාගෙ පුංචි පුතා එක්ක උපන් දින උත්සවයකට සහභාගී වෙලා. ඉතින් එතන පොඩ්ඩො දැකල රොෂාන්ට පුංචි දුකක් ඇති වෙලා. ඒ දැන් මේ උස් මහත් වෙලා රස්සා කරගෙන වගකිම් ගොන්නක් එක්ක ගෙවන කාර්ය බහුල ජීවිතේට වඩා ආයෙමත් පුංචි කාලෙට යන්න තිබුණනම් කොයි තරම් හොඳද කියල. මොහොතකට එහෙම හිතුණත් රොෂාන් තමන්ගෙ පුංචි පවුලට මුල් තැන දීල ඔවුන් එක්කම වැඩිපුර කාලය ගෙවන බවයි අපිට ආරංචි වුණේ.

---------

අලුත් වැඩේ හොල්මන්

හිමායා බණ්ඩාර හොල්මන් චිත්‍රපටයකට එක් වෙන්න යනවා කියලා අපට කිව්වා. මෙය බෝනික්කෙක් වටා ගෙතුණු මීට කලින් ලංකාවෙ බිහි වෙලා නැති විදියෙ වෙනස් කතාවක් කියලයි හිමායා කියන්නේ. ඉතින් ඒ චරිතය වෙනුවෙන් හිමායාට සෑහෙන කැප කිරීමක් කරන්න වෙලා. බොහොම ආසාවෙන් රඟපාපු ඒ හොල්මන් චිත්‍රපටය ළඟදිම බලා ගන්න පුළුවන් කියලයි හිමායා අපට කිව්වා.

Comments