මෙරට PCR පරීක්ෂණ 171,000 ඉක්මවයි | සිළුමිණ

මෙරට PCR පරීක්ෂණ 171,000 ඉක්මවයි

ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 29,729 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර පිටව ගොස් ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානය පෙන්වා දෙන්නේ, නිරෝධායන මධ්‍යස්ථාන 36ක් තුළ පුද්ගලයින් 3025 දෙනෙකු තවදුරටත් නිරෝධායනය වෙමින් සිටින බවයි.

ඊයේ (09) දිනය තුළ දී පී.සී.ආර් පරික්‍ෂණ 680 ක් සිදුකර ඇත.

ඒ අනුව මේ වනවිට මෙරට තුළ සිදුකර ඇති සමස්ත පී.සී.ආර් පරික්‍ෂණ සංඛ්‍යාව  171,169කි.

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2844ක් වන අතර ඉන් ආසාදිතයින් 2579ක් පුර්ණ සුවය ලබා තිබේ.

තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 254ක් බව සඳහන් වේ.

 

Comments