දකුණු පළාතෙන් මන්ත්‍රීවරු 8ක් ඉවතට | Page 3 | සිළුමිණ

දකුණු පළාතෙන් මන්ත්‍රීවරු 8ක් ඉවතට

දකුණු පළාතෙන් පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රීවරු 08 දෙනෙකුට මෙවර පාර්ලිමේන්තු වරම් අහිමි වී ඇත.
මෙසේ පරාජයට පත් වූයේ ගාල්ල දිස්ත්‍රික්කයෙන් සමගි ජන බලවේගය නියෝජනය කළ පියසේන ගමගේ,විජේපාල හෙට්ටිආරච්චි ,බන්දුලාල් බණ්ඩාරිගොඩ යන අය සහ ගාල්ල දිස්ත්‍රික්ක සදහා එජාප නායකත්වය දුන් වජිර අබේවර්ධන යන හිටපු පාර්ලිමේන්තු සභිකයන්ය.
මේ අතර මාතර දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණෙන් තරග කරනු ලැබූ හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේගුණවර්ධන ,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝජ් සිරිවර්ධන මහතා ඇතුලු පිරිසක් පරාජයට පත් විය.
මාතර දිස්ත්‍රික්කය නියෝජනය කළ හදුන්නෙත්ති,සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිහාල් ගලප්පත්ති යන අයට පාර්ලිමේන්තු වරම් අහිමි වී ඇත.

Comments