අදත් ප්‍රදේශ රැසකට වැසි | සිළුමිණ

අදත් ප්‍රදේශ රැසකට වැසි

සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වර්ෂාපතනයක් ඇතිවිය හැකිය.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් සහ ඌව පළාතේ ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දකුණු පළාතේත් පොළොන්නරුව මන්නාරම ත්‍රිකුණාමලය සහ මාතලේ දිස්ත්‍රික්වල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60 දක්වා තද සුළං ද ඇතිවීමේ හැකියාව පවති.

Comments