දරුපල උපදන ජ්‍යෝතිෂයේ සරල පිළිවෙත් | සිළුමිණ

දරුපල උපදන ජ්‍යෝතිෂයේ සරල පිළිවෙත්

'මට දරු­වකු ලැබෙ­න­වා­මයි' යන්න නිතර සතු­ටින් සිහි කරන්න ඒ පණි­වු­ඩය ඔබේ යටි සිතට දෙන්න.  ඒ සතුට හැම වි‍ටෙකම අත්වි­ඳින්න. 

ලා‍පො‍රොත්තු ‍පොදි බැඳන් කුල ‍ගෙට පිවි‍සෙන යුවළක් දරු සුරතල් බලන්නට ‍නොනිත් ආශාවකින් පසු ‍වෙති. නමුත් ඒ සිහිනය ටි‍කෙන් ටික පමා ‍වෙන්නේ නම් එයින් වඩාත් පීඩාවට හා ගැරහුමට ලක් ‍වෙන්නේ කාන්තා‍වය. දරුවකු බිහිකිරීමට නොහැකිවූ කාන්තාවකට‌ මේ සමාජයේ අත්වන පීඩාව කෙතෙක් ද යත් එය සමාජ ගැටලුවක්‌ බවට පත්වේ. විවාහය දෙදරා යයි. සියදිවි හානිකර ගැනීමට තැත් කරයි.

මෙවැනි කරුණු නිසා ඈත අතීතයේ සිටම යම් පුද්ගලයකුට දරු සම්පතක්‌ හිමිද? අහිමිද? යන්න කල්තියා දැනගත හැකි ශාස්‌ත්‍රයක් ‍ලෙස ජ්‍යෝතිෂය සම්බන්ධව සමාජ පිළිගැනීමක් පවතී. එම නිසාම අද ඔබ දැනුම්වත් කරන්නේ ජ්‍යෝතිෂ ශාස්ත්‍රයට අනුව දරුපල අ‍පේක්ෂා‍වෙන් පසුවන යුවළකට කළ හැකි සරල පිළිවෙත් කිහිපයක් ගැනය.

 

කෙම් ක්‍රම

පළමුව සටහන් කරන්නේ කෙම් ක්‍රමයක් ගැනය. දරුපල අපේක්ෂාවෙන් සිටින යුවළකට පුවපල් නැකැත පවතින දි‍නෙක උදෑසන 06ත්, 07ත් අතර කතා නොකර ගොස් හොඳින් පල හැදෙන අඹ ගසක, නැඟෙනහිරත් උතුරත් අතර ඇති අඹ මුල් ගලවා, එය හොඳින් පිරිසුදුකර වියළා කුඩු කර තබා ගන්න. ඉන්පසු මාසික ඔසප් දිනයෙන් දින 3කට පසුව වියළා කුඩු කර ගත් අඹ මුල් මේස හැන්දක ප්‍රමාණයක් ගෙන වතුර නොදැමූ එළකිරි හෝ එළුකිරි කාලකට දමා සූකිරි මේස හැන්දක් සමඟ හොඳින් කලවම් කොට උදෑසන හිස්බඩ පානය කළ යුතුය. එයින් පසු සරු දින 14 තුළ අටවක රිට්ටා අමාවක අඟහරුවාදා පසළොස්වක දිනවල දහවල් 12ට, සවස 6ට, උදෑසන 6ට සහ රාත්‍රි 12ට දෙදෙනාම මනස හා සිරුර ඉතාම පිරිසුදුව තබා ගනිමින් එක්වීම යහපත් දරුවන් ලැබීමට හේතු වෙයි.

 

පිළිවෙත්

ඉහත සඳහන් අයුරින් කායිකව එක් වීමට පෙර දින 3ක් බෝධි පූජා තැබීමට පිරිසුදුව සහ නොඉඳුල්ව එළකිරිවලින් සාදන ලද කිරිබත් කෑලි 09ක්, කැමැති අයුරින් මල්, පැන් ගිලන්පස, දැහැත්, හඳුන්කූරු රැගෙන ගොස් බෝධිය වටේ ඇමද, පිරිසුදු කර අලුයම 3ත් 4ත් අතර රැගෙන ආ සියල්ල පිළිවෙළින් චෛත්‍යට, බෝධින් වහන්සේට සහ බුදු මැඳුරට පූජා කොට තමා දන්නා අයුරින් ගාථා කියා බුදු පියාණන්ට පූජා කර, හැකිනම් ධජග්ග පිරිතද කියා සියලු දෙවියන්ට පින් පමුණුවා, ‘මෙම බෝධි වෘක්‍ෂයට අරක්ගෙන මනුසත් කයක් ලැබීමට බලාපොරොත්තුවෙන් පැමිණ සිටින යම් දේවතාවක් හෝ දේවතාවෙක් සිටින්නේ නම්, මම එම දේවතාවට හෝ දේවතාවියට, ඉතාම සතුටින් මවක් වන්නට කැමැති බැවින් මාගේ කුසේ පිළිසඳ ගන්නා මෙන් පින් දීමෙන් යුතුව ආරාධනා කරන්නෙමි ’යනුවෙන් ශබ්ද නඟා බෝධිය දෙසට නෙත් යොමා 7 වරක් කියන්න. මෙසේ දින 3ක් සිදු කරන්න. දෙදෙනාම එක්ව බෝධි පුජාව තබන්නේ නම් ඉතා යහපත් ප්‍රතිඵල අත් වන්නේය. අප ඉහත සඳහන් කළ දිනවල දී දෙදෙනා කායිකව එක්වන්නට පෙර බෝධිය ළඟදී කළ ආරාධනාව නැවත සිහි ගන්වමින් පෙර සඳහන් කළ වේලා තුළ එක් වීම වඩාත් යහපත් ය.

ඔබට අවබෝධ කර ගත යුතු අනෙක් කරුණ නම් ධනාත්මකව සිතන්නට පුරුදු වීමයි. දරුවකු බලාපොරොත්තුවෙන් පසුවෙන ඔබ නිතරම දරුවකුගේ රූපය සිත තුළ මවා ගන්න. 'මට දරුවකු ලැබෙනවාමයි' යන්න නිතර සතුටින් සිහි කරන්න. දරුවකු ලැබෙනවාමයි යන පණිවුඩය ඔබේ යටි සිතට දෙන්න. ඒ සතුට හැම විට අත්විඳින්න. දරුවාට තබන්න ලස්සන නමක් සිතේ ලියා තබන්න. දරුවාට අන්ඳවන ඇදුම් පැළඳුම් සිතෙන් නිර්මාණය කරන්න. ඔබ දිගින් දිගටම එසේ කරන විට ඔබගේ එම ප්‍රාර්ථනයට තිසරණ සරණ සහ දෙවි පිහිට ලැබෙන්නේය.

ඍග් වේදයේ එන පුරාණ මන්ත්‍ර

දරු පල අපේක්ෂාවෙන් සිටින යුවළක් වෙනුවෙන්ම ඍග් වේදයේ ඇති මන්ත්‍ර දෙකක් මෙසේ සටහන් කරන්න සිතුවේ එයින් නිසැකවම ඉතා සුපින්වත් දරුවන් ලබා ගැනීමට වාසනාව උදා කර දෙනු ලබන බව පැරැන්නන් විශ්වාස කළ හෙයිනි. සැමියා සහ බිරිය විසින් ඉතාමත් භක්තියෙන් හා පිරිසුදු සිතින් යුතුව කියැවීම ඉතා යහපත් ය. සැමියා රහමෙර හා ගව, සූකර මාංස වලින් වැළැකී දිනපතා රාත්‍රියේ 108 වරක් බිරියගේ නම කියා ‍මෙම මන්ත්‍රය කිව යුතුය. බිරියද එම වත් පිළිවෙත් අනුගමනය කරමින් ඇය විසින් කිව යුතු මන්ත්‍රය දිනකට 16 වරක් රාත්‍රියේදී කිව යුතුය.

සැමියා විසින් කියවිය යුතු මන්ත්‍රය-

"ඕම් පරං බ්‍රහ්ම පරමාත් මනේ (..............) (හිස් තැනට බිරියගේ නම කියන්න)

ගර්භේ දීර්ඝ ජීවී සුතං

කුරු කුරු ස්වාහා"

 

බිරිය විසින් කියවිය යුතු මන්ත්‍රය-

"මනො මහාන්ත මෘත මානො

අර් භකං මාන උක්ෂන්ත මෘත මානා

උක්ෂිතං මනෝවධි පිතරං

මොත මාතරං ප්‍රීයාමා නස්තනුවෝ රුද්‍ර රිරීෂ

 

ඉහත මන්ත්‍ර කියන කාලය තුළම ඉතා හොඳින් සුබ ගණ පිහිටුවා ශ්‍රී විෂ්ණු කතරගම දෙවියන්ට දෙදෙනාගේම උපන් ලග්නයට හා නැකැතට අනුව නිවැරැදි ගණ පිහිටුවා සෙත් කවි දෙකක් කියැවීමෙන්ද දරුපල ලැබීමේ වාසනාව තවත් ඉක්මනින්ම හිමිවන්නේ ඔබත් පුදුම කරවමිනි.

[email protected]

Comments