අශෝක වඩිගමංගාව රිය අනතුරකින් මියයයි | සිළුමිණ

අශෝක වඩිගමංගාව රිය අනතුරකින් මියයයි

මෙවර මහමැතිවරණයට සමගි ජන බලවේගයෙන් තරග වදින අපේක්ෂකයෙකු වන අශෝක වඩිගමංගාව මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, වඩිගමංගාව ගමන් කළ මෝටර් රථය, ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් ඔහු මියගොස් ඇති බවය.

මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 68කි.

පුත්තලම දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ඔහු මෙවර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටියේය.

රාජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කර ඇති ඔහු වයඹ පළාත් සභාවේ අමාත්‍ය ධූර කිහිපයක්ම හොබවා තිබේ.

Comments