වැඩබලන පොලිස්පති වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ | Page 2 | සිළුමිණ

වැඩබලන පොලිස්පති වෙනුවෙන් පෙනී ඉන්නේ නැහැ

විනිසුරු ගිහාන් පිලපිටිය ගොනුකර ඇති පෙත්සමේදී තමා වැඩබලන පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති දප්පුල ද ලිවේරා දන්වා තිබේ.

නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, වැඩබලන පොලිස්පතිවරයා නීතිපතිවරයාගේ උපදෙස් අනුව ක්‍රියා නොකර බැවින් ඔහු වෙනුවෙන් පෙනී නොසිටීමට නීතිපතිවරයා තීරණය කළ බවය.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා ඇති නඩුවේ සැකකරුවෙකු ලෙස තමා නම් කිරීම අභියෝගයකට ලක් කරමින් ඇඹිලිපිටියේ හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලිපිටිය විසින් ගොනු කර තිබූ රීට් ආඥා පෙත්සම අභියාචනාධිකරණය හමුවේදී අද කැඳවනු ලැබුවේ ය.

රීට් ආඥා පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ලබන ජුලි 31වැනිදා අධිකරණය හමුවේ ගොනු කරන ලෙස අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාෂ් සහ රෝහිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල වග උත්තරකරුවන්ට නියෝග කළේ ය.

 

Comments