ගිහාන් පිලපිටියට එරෙහිව නඩුව අත්හිටුවීමට තහනම් නියෝගයක් | සිළුමිණ

ගිහාන් පිලපිටියට එරෙහිව නඩුව අත්හිටුවීමට තහනම් නියෝගයක්

මහත් ආන්දෝලනයකට තුඩුදුන් හිටපු අමාත්‍ය රන්ජන් රාමනායකගේ දුරකථන හඬපට සිද්ධියේ සැකකරුවකු ලෙස නම් කර සිටින නිවාර්ය නිවාඩු යැවූ ලැබ සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන ලෙස දන්වා අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.

ගිහාන් පිලපිටිය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් මූලික වශයෙන් සලකා බැලීමෙන් පසුව එය විභාගයට ගැනීමට අවසර දෙමින් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන අයගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළේය.

Comments