තවත් නාවිකයින් 05 දෙනෙකුට කොරෝනා | සිළුමිණ

තවත් නාවිකයින් 05 දෙනෙකුට කොරෝනා

අද (16) සවස 5වන විට මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් පස්දෙනෙකු හමු වී ඇති බව සෞඛ්‍ය බලධාරින් පවසයි.

මෙම ආසාදිතයින් පස් දෙනා නාවික හමුදා සාමාජිකයින් බව සඳහන් වේ.

ඒ අනුව මෙරටින් හමු වී ඇති මුළු කොරෝනා ආසාදිතයින් ගණන 1913 කි.

අද දිනය තුළදී මේ දක්වා හමුවී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 8 කි.

මේ වන විට වෛද්‍ය අධික්ෂණය යටතේ රෝගීන් 531ක් සිටින අතර සුව වු පිරිස 1371 කි.

Comments