තොණ්ඩමාන්ගේ දේහය පාර්ලිමේන්තුවට | සිළුමිණ

තොණ්ඩමාන්ගේ දේහය පාර්ලිමේන්තුවට

අභාවප්‍රාප්ත ආරුමුගන් තොණ්ඩමාන්ගේ දේහය අද පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන යාමට නියමිතය.

අවසන් කටයුතු ලබන ඉරිදා (31) සිදු කෙරෙන්නේ නොර්වුඩ්හිදීය.

ආරුමුගන් තොණ්ඩමාන්ගේ දේහය මේ වනවිට මහජන ගෞරවය සඳහා බත්තරමුල්ලේ පිහිටි නිවසේ තැන්පත් කර තිබේ.

දේහය අද පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන යන අතර අනතුරුව ලංකා කම්කරු කොංග්‍රසයේ ප්‍රධාන කාර්යාලය වෙත ද රැගෙන යනු ඇති.

අවසන් කටයුතු ඉරිදා පස්වරු 4.00 ට රාජ්‍ය අනුග්‍රහය සහිතව නෝර්වුඩ්හි සෞම්‍යමූර්ති තොණ්ඩමාන් ක්‍රීඩාංගණයේදී සිදු කෙරේ.

Comments