ශ්‍රී ලංකාව ගෝලීය ‘අළු ලේඛනයෙන්’ ඉවතට | සිළුමිණ

ශ්‍රී ලංකාව ගෝලීය ‘අළු ලේඛනයෙන්’ ඉවතට

යුරෝපා කොමිසම 2020 මැයි 7 වැනිදා ප්‍රකාශයට පත්කරන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා සම්බන්ධ ඉහළ අවදානම් සහිත තුන්වැනි පාර්ශවයේ රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට තීරණය කර තිබේ.

2018 පෙබරවාරි මාසයේදී යුරෝපා කොමිසම විසින් ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශවයේ රටක් ලෙස ශ්‍රී ලංකාව ලැයිස්තුගත කරනු ලැබී ය.

ඒ, 2017 ඔක්තෝබර් මාසයේ දී ශ්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ උපාය මාර්ගික දුර්වලතා සහිත රටක් ලෙස ‘අළු ලේඛන’ ගත කිරීමත් සමගයි.

ඒ සමග හඳුනාගත් උපායමාර්ගික දුර්වලතා මගහරවා ගැනීම සඳහා කාල රාමුවකට යටත් වූ ක්‍රියාකාරී සැලැස්මක් ශ්‍රී ලංකාවට ලබා දීමට පියවර ගැනිණ.

අදාළ කාල රාමුව තුළ ශ්‍රී ලංකාව සාර්ථක වීමේ ප්‍රතිඵලයක් ලෙස ‘අළු ලේඛනයෙන්’ ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

ඒ 2019 ඔක්තෝම්බර් 13 සිට 18 දක්වා පැරීසියේ පැවති මූල්‍ය කාර්ය සාධක බලකායේ සැසිවාරයේදීයි.

Comments